හැත්තෑව දශකයෙ ඉතා මියුරු චිත්‍රපට ගීතයකට නව පනක් දෙමින් අතිවිශිෂ්ඨ ගණයෙ ගායිකා යුවලක් වන නිරෝෂා විරාජිනී සහ උරේෂා රවිහාරී ගීතවත් වෙයි. නව සංගීතය සුරෙෂ් මාලියද්ද.

මුල් ගායනය මිල්ටන් පෙරේරා සමඟින් ශ්‍රීමතී තිලකරත්න
පද රචනය සිරිල් ඒ සීලවිමල, සංගීතය ප්‍රේමදාස අතුකෝරාල
  1971දී තිරගත වු කේසර සිංහයෝ චිත්‍රපටයෙන්
රංගනය විජය කුමාරණතුංග සමඟින් නීටා ප්‍රනාන්දු

සංසුන් රුවන් හද මන්දිරයේ.. ආලෝකේ අලෝකේ ඔබද ප්‍රියේ
රන්වන් ඒ රන්වන් යෞවනියේ .. සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ
ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ.. දෙනෙතේ කැලුම් බර නිල් මල් පිපෙ
තුරු හිස්‌ මුදුන් දළු සුළගින් සැලේ.. සුවදක්‌ ඇවිත් පොඩි රහසක්‌ කියයි
හැලෙනා රිදි දිය ඇල්ලක්‌ වගේ.. සංගීතයක්‌ අප දෙහදේ නැගේ
ගීයක්‌ ගයා හොද තනුවක්‌ හදා.. හිනැහි ටිකක්‌ හොද නැටුමක්‌ නටා